සිතුවිලි

බොඳවන්නට පෙර, මොහොතක් සිතන්න...

ඇරඹුම...

මේක මුල්ම ලිපිය නිසා මම හිතුව, මම මේ කරන්න යන දේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. අපි කොයි තරම් කාර්ය්‍යබහුල උනත් අපි හැමෝගෙම සිත් වලට නැගෙන සිතුවිලි නම් අනන්තයි අප්‍රමාණයි.. නමුත් හුඟ දෙනෙක් ඒ ඉබේ නැගෙන සිතුවිලි එසැණින් අමතක කර දමන්නේ ඒ සිතුවිලි තමන්ගෙ ඉගෙනීමට හෝ තමන්ගෙ ජීවිතයට කිසිම අයුරකින් සම්බන්ද නොවන නිසා වන්නට පුළුවන්.. මෙතනදි මම සිතුවිලි යන්නෙන් අදහස් කරන්නේ අපි ඇති කරගන්න බලාපොරොත්තු නෙමෙයි. ජීවිතේ අපි අත්විඳින, අපිට සමීපයන් අත්විඳින විවිධාකාර සිද්ධින් වලදි අපේ සිතුවිලි අවදිවෙනවා, නමුත් අපි ඒ ගැන තැකීමක් නොකර තරඟකාරී ලෝකය තුල යායුතු අපේ ගමන අපි යනවා..

සිතුවිලි බොඳවන්නට මත්තෙන්, මම සිතට නැඟුනු
සිතුවිලි ගැන තවදුරටත් කල්පනාකරා.. ඉබේ නැඟුනු සිතුවිලි ආයාසයකින් ගැඹුරින් සිතන්න පෙළඹුනා... පැය ගනන් දින ගනන් කල්පනා කරා.... අවසානය, අපි අතරම තියෙන ඇත්ත.. අපි නොදන්නවා වගේ ඉන්න ඇත්ත.. යථාර්තය.. ඉදිරියේදී මා ඔබ හමුවට ගෙන එනවා. නමුත්, කීවාට පිළිගන්න එපා.. ඔබත් මොහොතක් සිතන්න...

මේ බ්ලොග්කරණය තුල මා කිසිම ආගමකට, ජාතියකට, පක්ෂයකට, සංස්කෘතියකට, සමාජ පංතියකට හෝ ආයතනයකට අයත් නොවන්නෙකි. ඇරඹුම පමණි, එක්වී කිමිදෙමු
සිතුව්ලි සයුරේ, එකඟ වීමට නොව සිතීමට එන්න කියවන්න.. මා ලේඛකයෙකු නොවන නිසාවෙන්, මේ බ්ලොග්කරණය පුරාවටම මා අතින් සිදුවන්නට ඉඩ ඇති වැරදි සම්බන්ඳයෙන් ආරම්භයේදීම සමාව අයැද සිටිමි.

සිතුවිලි.. බොඳවන්නට පෙර, මොහොතක් සිතන්න...

0 ප්‍රතිචාර:

Post a Comment